නැවේ ගින්නෙන් සිදුවූ හානියට කෝටි 72ක වන්දියක්


(යොහාන් භාසුර)

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගිනිගැනීමේ සිද්ධියෙන් ශ්‍රී ලංකාවට සිදුවූ පරිසර හානියට වන්දි ලෙස ඩොලර් මිලියන 3.6 ක් හෙවත් රුපියල් කෝටි 72 ක මුදලක් රජයට ලැබුණු බව සමුද්‍රිය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ සභාපතිනී නීතිඥා දර්ශනී ලහඳපුර මහත්මිය පැසුවාය.

මෙම වන්දි මුදලින් ඩොලර් මිලියන 2 ක් හෙවත් රුපියල් කෝටි 40 ක් ධීවරයන්ට ලබාදීමට නියමිත බවත් ඉතිරි මුදලින් කොටසක් සමුද්‍රිය පරිසර ආරක්‍ෂණ අධිකාරියට (මීපා) ලැබීමට නියමිත බවත් දර්ශනී ලහඳපුර මහත්මිය පැවසුවාය.